අද සිකුරාදා ගමරාලගේ දිනයයි. සුපුරුදු පරිදි ඊයේ කියූ දේ අද වෙනස් වෙයි මහින්ද දිගටම අගමැති කරන පක්ෂ නායකයන් අන්දවන්න උදේ වෙද්දී ගේමක්

0
859

පක්ෂ නායකයන් සමග තනි තනිව සාකච්ඡා කැඳවන සිරිසේන ජනාධිපතිගේ අද දිනයේ කූඨ සැලැස්ම හෙළිවන බව සදහන්.

සතයකට හෝ විශ්වාසයක් තැබිය නොහැකි ජනාධිපති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වෙන වෙනම කැඳවා අද දිනයේ සාකච්ඡා කිරීමට යන්නේ දැනට පෙරමුණක් ලෙස ක්‍රියාකරමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ඇති පක්ෂ වල කැමැත්ත අනුව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කරමින් යලි රට ඔක්තෝම්බර් 25 වෙනිදා තිබූ තත්ත්වයට පත් කිරීමට නොව අලුත් දහං ගැටයක් ගැසීමට බව වාර්තා වේ.

ඔහුගේ උපාය වී ඇත්තේ ඔහු පත් කළ අගමැති මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙසම තබා ගනිමින් හොර කැබින්ට්ටුව වෙනුවට පක්ෂ නායකයන්ගෙන් සමන්විත භාරකාර කැබිනට්ටුවක් හදා එමගින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමය.

ඊයේ(29) මධ්‍යම රාත්‍රිය වෙද්දී ඔහු තම අදහස ඔහුගේ සමීපතමයන් වෙත පවසා ඇති බව වාර්තාවේ. අද දිනයේ පක්ෂ නායකවරුන් වෙන වෙනම කැඳවා තමන්ගේ කූඨ අදහසට කැමැතිකරවා ගැනීමට සිරිසේන වෑයම් කරනු ඇත.

ව්‍යවස්ථාව කඩා ඇති ජනාධිපති සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීම වැඩක් නැතැයි පවසමින් ජනතා විමුක්ති පෙරමුණ පමණක් නීචයා සමග සාකච්ඡාවන්ට යෑම අත්හිටුවා තිබේ.

රටේ විශාලම ප්‍රශ්නය වී ඇත්තේ රටේ නායකයා යන පුද්ගලයා විශ්වාස කිරීමට නොහැකි වීමයි. ඊයේ රාත්‍රියේ අප සටහන තැබුවේ බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට තත්වය මෙයයි එහෙත් සිකුරාදා නිසා කුමක්වේවිද නොදනී යන සටහනයි.

මෙය මුළු රටේම මිනිසුන් බොරුකාරයන් පචයන් වන ඉතිහාසයේ එකම අවස්ථාවයි. මේ විනාඩියේ කියූ දේ අනිත් විනාඩියේ වෙනස් වේ. මෙය හරියට මහදැන මුත්තා සහ ගෝලයෝ රොත්ත මෙන් තීරණ ගන්නා ගමරාල ජනපති කෙනෙක් සහ වටේ සිටින ගෝලයෝ රොත්තකි. උන්ට ඕනෑ කුමන ක්‍රමයකින් හෝ 26 ගත් තීරණය රැකගෙන යාමට අනෙක් සියලු පාර්ශව දිනෙන් දින අන්ද අන්ද පවත්වාගැනිමටයි.

අපටද මේ සියල්ල ගැන ඇත්තේ බලවත් කනගාටුවක් පමණයි. කුමක් හෝ පුද්ගලයෙක් දැන් රට ස්ථාවර කල යුතුයි. ඊයේ දිනයේදී පාරේ යන ත්‍රිරෝද රථයකට ගොඩ වැදුන විට රියදුරු පැවසුවේ වෙනදානම් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට සුද්දෝ දෙන්නෙක් තුන්දෙනෙක් හයර් අරන් යනවා දවසකට ඒත් ඔක්කොම ඉවරයි.

සුද්දෝ ආසයි ත්‍රිවිල් වල දුර යන්න ගානක් කතාකරගෙන යනවා. පුදුම විදියට දැන් සුද්දෝ නැ. සුද්දෝ එක්ක වැඩ කරන තැන් වල බිස්නස් ඉවරයි. ෆිනෑන්ස් එහෙම හිරවෙලා යනුවෙන් ඔහු පැවසුවා.

ඔහු දේශපාලන ගේම් පිළිබද එතරම් අවබෝදයක් නැති අයෙක්. එහෙත් ඔහුගේ කර්මාන්තයට තට්ටු වී ඇති බව කියයි. බොහෝ මිනිසුන් දේශපාලන පක්ෂ චරිත වලට ආදරය කලාට දේශපාලනය ගැන දැනුමක් නැත. එය මේ රටට හෙන ගැසීමට ලොකුම හේතුවයි. අපේ මිනිසුන් කියවීමට ඇහුන්කම් දීමට ඉතා අලස අතර ඔය දෙකම කරන පුද්ගලයාට එක වර දෙයක් තේරුම් ගත නොහැකි. ඒ අවසරයෙන් කපටි දේශපාලුවන් රට විනාස කරමින් සිටි.

LEAVE A REPLY